by Staff writer 10-03-2021 | 3:44 PM
COLOMBO (News 1st) - අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ (O/L Exam) පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 27 වැනි දා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ලබන මැයි මාසයේ දී සෞන්දර්ය විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.
ජුනි මාසයේදී පමණ විභාග ප්‍රතිඵල නිකුත් කර ජූලි මාසයේදී උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළේ, කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.