2020 O/L විභාගය අදින් අවසන්..

O/L විභාගය අදින් අවසන්: විනයානුකූලව විසිර යන්නැයි සිසුන්ට උපදෙස්

by Staff writer 10-03-2021 | 7:33 AM

COLOMBO (News1 st) - 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (O/L Exam) අද(10) අවසන් වෙයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දින 10 ක් පුරාවට මධ්‍යස්ථාන 4513 කදී පැවැත්විය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් හය ලක්ෂ විසි දෙදහස් තුන්සිය පනස් එක් දෙනෙකු පෙනී සිටියේය. අද දිනයේ විභාගය අවසන් වූ පසු , සිසුන් සාමකාමීව නිවෙස් වෙත යා යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා අවධාරණය කළේය. එලෙස උපදෙස් පිළිනොපැඳ විනය විරෝධීව හැසිරෙන සිසුන්ට එරෙහිව , නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.