දෙයියන්දරදී හෙරොයින් ජාවාරමක් වටලයි

NEWS ALERT : දෙයියන්දර, දෙනගමින් හෙරොයින් කිලෝ 68ක් අල්ලයි

by Sagarika Chathumali 10-03-2021 | 8:55 AM

COLOMBO (News 1st) : මාතර, දෙයියන්දර, දෙනගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් 68Kg සමග යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි. එහිදී අදාළ හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකාරිය මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් සැකකරු මීගමුව, කටාන ප්‍රදේශය පදිංචිකරුවෙකු  බවටත් අනාවරණය වී තිබේ. මේ අතර පසුගිය කාලයේ මාතර, වැලිගම, මිදිගම, ඉමදූම, ගන්දර ආදී ප්‍රදේශවලදී විශාල වශයෙන් මත්ද්‍රව්‍ය තොග වැටලීමත් සමග දිවයිනේ දකුණු ප්‍රදේශය මත්කුඩු ජාවාරමේ යම් ආකාරයක බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වෙමින් ඇතැයි ද , පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.