''COVID ආසාදිත සිසුන් 62 ක් මෙවර සා / පෙළ ලියලා..'

''COVID ආසාදිත සිසුන් 62 ක් මෙවර සා / පෙළ ලියලා..''

by Sagarika Chathumali 10-03-2021 | 12:44 PM

COLOMBO (News 1st) : මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය විභාගය සඳහා කොරෝනා ආසාදිත සිසු සිසුවියන් 62 දෙනෙකු පෙනී සිට ඇතැයි, අධ්‍යාපන අමාත්‍ය ⁣ජී.එල්. පීරිස් මහතා පවසයි.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවුසවේ, විභාගය ආරම්භ වනවිට ආසාදිත සිසුන්  38 දෙනෙකු විභාගයට මහුණ දුන්න ද අවසන් වන විට ආසාදිත සිසුන් සංඛ්‍යාව 62ක්  දක්වා ඉහළ ගොස් තිබූ බවයි. මෙවැනි තත්ත්වයක් සඳහා වූ පෙර සූදානම මත ආසාදිත සිසුන් වෙනුවෙන් දිවයින පුරා විශේෂ මධ්‍යස්ථාන 40ක සූදානම් කර තිබූ බව ද අමාත්‍යවරයා පැවසී ය. තවද සෑම විභාග මධ්‍යස්ථානයකම විශේෂ පන්ති කාමරයක් සූදානම් කර තිබූ බවත් නිරෝධායනය වෙමින් සිටි සිසුන් 322 දෙදෙනකු  එම මධ්‍යස්ථාන තුළදී  විභාගයට පෙනී  සිටි බවත්  අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ. අදින් අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගය සඳහා 4500කට වැඩි මධ්‍යස්ථාන සංඛ්‍යාවකදී පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් 6 22,000 දෙනෙක් පෙනී සිටියහ. මේ අතර අද උදෑසන විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා දැනුම් දී සිටියේ අද (10) දිනයේ විභාගය අවසන් වූ පසු , සිසුන් සාමකාමීව නිවෙස් වෙත යා යුතු බව ත් එම උපදෙස් පිළිනොපැඳ විනය විරෝධීව හැසිරෙන සිසුන්ට එරෙහිව , නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.