ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..

by Staff writer 10-03-2021 | 4:09 PM

COLOMBO (News 1st) - මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, ඌව සහ දකුණු පළාත්වල මෙන්ම මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවයි. අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.