COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 304 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම ආසාදිතයින් අතරින් පුද්ගලයින් 16 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි.
ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වන ආසාදිතයින් 58 දෙනා ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32 ක් ලෙස වාර්තා වේ.
මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,343ක් වන අතර පූර්ණ සුවය ලබා ඇති අසාදිතයින් සංඛ්‍යාව 82753කි.
අසාදිතයින් 3,079 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 511ක් දක්වා ඉහළ ගියේ ය.
එම මරණ වාර්තා වී තිබුණේ, හොරපේ, රාගම, උඩුවිල් සහ අකුරණ යන ප්‍රදේශවලිනි.
ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 103 ක් තුළ පුද්ගලයින් 10,213 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (09) දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 6,694 කි.
