'බටහිර ජැටිය ගැන රජය අදානී සමග ඝෘජුව සාකච්ඡා කරලා'

NEWS ALERT : බටහිර පර්යන්තය ගැන රජය අදානී සමූහය සමග ඝෘජුව සාකච්ඡා කළා - ගම්මන්පිල

by Staff writer 09-03-2021 | 11:03 AM
COLOMBO (News 1st) : කොළඹ වරායේ බටහිර පර්යානත්ය ආයෝජන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඝෘජුවම අදානී සමූහය සමග සාකච්ඡා කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, කැබිනට මාධ්‍ය හුමවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු වශයෙනි. ප්‍රශ්නය : - ගිය සතියේ කැබිනට් තීරණය දැනුම් දීමෙන් පසු ඉන්දියාවේ විදේශ අමාත්‍යංශය දැනුම් දීල තියෙනවා අදානී සමූහය කළෙඹ වරායේ බටහිර පර්යන්තයට ආයෝජනය සදහා ගත් තීරණය ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය අනුමත කළා කියන කාරණය නිවැරදි නැහැ කියලා. පිළිතුර : - අමාත්‍ය උදය ගම්මන්පිල (සම කැබිනට් ප්‍රකාශක) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සඳහා ආයෝජනය කරන්න ඉන්දීය රජය අදානී ව්‍යාපාරය නම්කළා. ඉන්පසුව ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මැදිහත්වීමෙන් පමණක් සංවර්ධනය කරන්න. ඒවගේම තීරණය කළා බටහිර පර්යන්තය ශ්‍රී ලංකාව ඉන්දියාව සහ ජපානය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කරන්න. ශ්‍රී ලංකා රජය එවැනි තීරණයක් ගනිද්දි ඉන්දියානු රජය අදානි සමූහයේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සදහා නම් කරල ඉවරයි. ඉතින් ශ්‍රී ලංකා රජය උපකල්පනය කළා මෙය එකම ආයෝජනය නමුත් ස්ථානය වෙනස් කියලා. ඉතින් ශ්‍රී ලංකා රජය උපකල්පනය කළා මෙය ඉන්දියානු රජය නම්කළ සමාගමත් සමගම ඉදිරියට යායුතුයි කියල, ඒ නිසා ශ්‍රී ලංකා රජය අදානි සමූහ ව්‍යාපාරයත් සමග තම සාකච්ජා තවදුරටත් පවත්වාගෙන ගියා. ඉන්දියානු රජය මේවෙද්දි දැනුම් දීල තියෙනවා මේ ඒකාබද්ධ ව්‍යාපෘතියේ තීරණවලට ඔවුන් නිල වශයෙන් මැදිහත්වෙන්නෙ නැහැ කියල ඒ නිසා , ශ්‍රී ලංකාව බටහිර පර්යන්තය සම්බන්ධයෙන් තවදුරටත් ආදානි සමූහ ව්‍යාපාරයත් සමග සාකච්ඡා පවත්වාගෙන යනවා. https://www.youtube.com/watch?v=IqQVmVNzZeQ