විදුලි සැරට බිලි වූ 'රේවත'

විදුලි සැරට බිලි වූ 'රේවත'

by Staff writer 09-03-2021 | 4:44 PM

COLOMBO (News 1st) - අනුරාධපුර, කැකිරාව අලියාවැටුණු වැව ප්‍රදේශයේ ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් ඇතෙකු මිය ගොස් තිබේ.

ගනේවල්පොල වනජීවී නිලධාරීන් පැමිණ වගා බිමේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇත. 'රේවත' නමින් හඳුන්වන මෙම ඇතා කලාඔය රක්ෂිතයේ සිට පැමිණෙන්නට ඇතැයි ගම්වාසීන් සැක පළ කරති. මේ අතර පුත්තලමේ විදුලි සැර වැදීමෙන් වයස අවුරුදු 25 ක් පමණ වන කෙනෙරක් මිය ගොස් තිබේ. සෙල්ලකන්දල් රක්ෂිතයට යාබදව පිහිටි සෙල්ලකන්දල් මානවේරිය ගම්මානයේ වගා බිමක එම කෙනෙර මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව දැනුම් දී ඇත. අප වාර්තාකරු පැවසුවේ, මේ සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු වනජීවී නිලධාරී භාරයට ගත් බවයි.