සත්ත්ව හානි:නීති සංශෝධනයට පියවර

වනජිවි පනතේ ඇති සත්ත්ව හානිවලට අදාල නීති රීති සංශෝධනය කිරීමේ තීරණයක්..

by Staff writer 09-03-2021 | 8:50 AM

COLOMBO (News 1st) - වනජීවි අඥා පනත යටතේ ඇති සත්ත්ව හානිවලට අදාල නීති රීති සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

වනජිවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ, වන සතුන්ට හානි කරන පුද්ගලයින්ට ලබාදෙන දඬුවම් ද සංශෝධනය කරන බවයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ වනජිවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ. නීති කෙටුම්පතක් සකස්කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට පියවර ගන්නා බව ලේකම්වරයා සඳහන් කළේය. වන සතුන්ට සිදු කරන හානි සැලකිල්ලට ගනිමින් එම නීතිරීති සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.