බස්නාහිර පාසල් විවෘත වන්නේ මෙහෙමයි

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට අවසර ලැබෙයි

by Staff writer 09-03-2021 | 1:34 PM

COLOMBO (News 1st) : බස්නාහිර පළාතේ පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරිමට , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය හිමිවී තිබේ.

ඒ අනුව , බස්නාහිර පළාතේ 5 , 11 සහ උසස් පෙළ ශ්‍රේණි ලබන 15 වැනිදා ආරම්භ කිරිමට නියමිතයි. සෙසු ශ්‍රේණි අප්‍රේල් මස 19 වැනිදා විවෘත කිරිමට අවසරය ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පිරිස් මහතා ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ , දිවයිනේ සෙසු පළාත්වල සියලු ශ්‍රේණි සඳහා අධ්‍යන කටයුතු ලබන සඳුදා කිසිදු ගැටලුවකින් තොරව ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.   https://www.youtube.com/watch?v=_lCy-S_TCmc