by Staff writer 09-03-2021 | 6:17 PM
COLOMBO (News 1st) - බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතා අද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට රැගෙන විත් තිබේ.
තමන් සම්බන්ධයෙන් පුවත්පතක පළ කළ පුවතකින් අපහාසයක් සිදු වූ බව කියමින් රන්ජන් රාමනායක මහතා ගොනු කළ පැමිණිලි තුනකට අදාළ විභාගය සඳහා අද ඔහු පුවත්පත් මණ්ඩලයට කැඳවා තිබුණි.
බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන ආ රන්ජන් රාමනායක මහතාගෙන් පැය දෙකක පමණ කාලයක් සාක්ෂි විමසා ඇති තිබේ.