දිනකට පිලිකා රෝගීන් 80ක්

දිනකට පිලිකා රෝගීන් 80ක් අලුතින් වාර්තා වෙනවා - ජාතික පිලිකා මර්දන ඒකකය

by Staff writer 09-03-2021 | 7:39 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ පිලිකා රෝගීන් දිනකට 80ක් අලුතින් වාර්තා වන බව ජාතික පිලිකා මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදාන පතිරණ මහත්මිය සඳහන් කළේ, මෙරට වැඩියෙන්ම වාර්තා වන්නේ කාන්තාවන්ගේ පියයරු පිලිකා බවයි. දෙවන වරට වැඩියෙන් වාර්තාවන්නේ මුඛ පිලිකාව බව ඇය සඳහන් කළාය.