කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ...

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න...

by Sagarika Chathumali 09-03-2021 | 10:14 AM

COLOMBO (News 1st): ගෙවුණු දිනයේ (8) මෙරටින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 344 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,039 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් පුද්ගලයින් 10 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇති අතර ඉතිරි ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 65 කි. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47 ක් ලෙස වාර්තා වේ. ඉතිරි ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. රෝහල්ගතව ආසාදිතයින් 3024 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර මේ වනවිට සුවය ලබා පිටව ගොස් ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 82,513 කි. පසුගිය පැය 24 තුළ මෙරටින් තුළින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 5 දෙනෙකු මිය යාමත් සමග මරණ සංඛ්‍යාව 507 ක් දක්වා ඉහළ ගියේ ය. එම මරණ වාර්තා වී ඇත්තේ, අනුරධපුරය, හෙම්මාතගම, කොළඹ 06 , ධර්ගා නගරය සහ ජා - ඇල යන ප්‍රදේශවලිනි. නිරෝධායන මධ්‍යස්ථාන 104 ක් තුළ පුද්ගලයින් 10,192 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (8) දිනය තුළ මෙරටදී PCR පරීක්‍ෂණ 7,194 කි.