ගානියා බැරිස්ටර්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

ගානියා බැරිස්ටර්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

by Staff writer 09-03-2021 | 4:13 PM

COLOMBO (News 1st) - අසත්‍ය පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට එරෙහිව අද අධිචෝදනා ගොනු කර තිබේ.

ඒ, කොළඹ අංක 3 මහාධිකරණය හමුවේදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටි පිරිසක් තමාව බලහත්කාරයෙන් වෑන් රථයේ දමාගෙන පැහැර ගෙන ගොස් ලිංගික හිරිහැර කළ බව සහ ගිනි අවියක් පෙන්වා මරණ තර්ජන කළ බවට අසත්‍ය පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමේ චෝදනාව ඇතුළු අධිචෝදනා එලෙස ගොනු කෙරුණි. අධිචෝදනා පත්‍ර කියවා නඩු විභාගය ආරම්භ කිරීමට දින නියම කිරීම සඳහා නඩුව ලබන ජුනි 4 වැනි දා යළි කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කර තිබේ.