ශ්‍රී ලංකාව එරෙහි 20යි 20 තරගාවලි⁣යේ ජය කොදෙව්වන්ට

ශ්‍රී ලංකාව එරෙහි 20යි 20 තරගාවලි⁣යේ ජය කොදෙව්වන්ට

by Chathuranga Rajapaksha 08-03-2021 | 8:20 AM

COLOMBO (News 1st ) - ශ්‍රී ලංකාව සමග පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත් විය .

ඒ දෙරට අතර පැවති තුන්වන සහ අවසන් තරගය කොදෙව් කණ්ඩායම කඩුලු 3කින් ජය ගැනීමත් සමගිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස 20 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු 131 ක් ලබා ගත්තේය. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 54 ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ දී කඩුලු 7ක් පමණක් දැවී තිබියදී ජයග්‍රහණය පසු කිරීමට සමත් විය. දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 10 වැනිදා ආරම්භ වීමට නියමිත ය.