බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය මෙන්න

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය ප්‍රකාශයට පත් කෙරේ

by Staff writer 08-03-2021 | 11:12 AM

COLOMBO (News 1st) : බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුුවේ,  බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ඉල්ලා ඇති අතර දින දෙකක් ඇතුළත එතුමාගේ අවසන් තීරණය  ලැබෙනු ඇතැයි, අපේක්ෂා කරන බවයි. අදාළ අනුමැතිය ලැබුණ හොත් සෙසු ප්‍රදේශවල ‌සේම ලබන සඳුදා (15) බස්නාහිර පළාතේ ද පාසල් විවෘත කිරීමට හැකිවනු ඇතැයි, ඔහු සඳහන් කළේ ය.