by Janitha Mendis 08-03-2021 | 5:10 PM
COLOMBO (News 1st) : මියන්මාරයේ සාමකාමී විරෝධතාවල නිතර පුද්ගලයින් දෙදෙනකුගේ තවත් ජීවිත දෙකක් අද හමුදා පාලකයින්ගේ වෙඩි උණ්ඩවලට බිලි වී තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මයිට්කිනා නගරයේ විරෝධතාවල නිරතව සිටි පුද්ගයින් පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාර අතරතුර මෙම පුද්ගලයින් දෙදෙනා ජීවිතකෟෂයට පත්ව ඇති බවයි.
මියන්මාර ප්‍රධාන නගර අතුළු නගරවල සාප්පු , කර්මාන්ත ශාලා සහ බැංකු තවදුරටත් වසා දමා තිබේ.
සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා ඇත්තේ, පුද්ගලයින් දෙදෙනකුගේ හිසට වෙඩි වැදීමත් සමග ඔවුන් දෙදෙනා එතැනම ඇද වැටුණු බවත් තවත් කිහිපදෙනෙකු වාල ලැබූ බවයි.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය මෙන්ම හමුදාව ද එක්ව සිටි බැවින් වෙඩි ප්‍රහාර එල්ල කළේ, හමුදාව ද නැති නම් පොලීසිය ද යන්න සම්බන්ධයෙන් පැහැදිලිව තොරතුරු වාර්තා වී නොමැත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව පසුගිය පෙබරවාරි 1 වනදා සිදු වූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතා ආරම්භ කළ පිරිස අතර විරෝධතාකරුවන් 50ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඡන්දයෙන් තේරී තේරීපත් වූ අවුන් සාන් සුචිගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව යළි බලයේ පිහිටුවන ලෙස ඉලල්මින් හමුදා කුමන්කත්‍රණයට සිදු වූ පසුගි පෙබරවාරි 1 වනදා සිට මේ දක්වා මියන්මාරය පුරා අඛණ්ඩව විරෝධතා ක්‍රියාත්මක ය.
ඊයේ දිනය තුළ පමණක් විරෝධතාකරුවන් 41 දෙනෙකු හමුදා පාලකයින්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
මේ අතර පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට පත් සුචිගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජතික ලීගයේ ප්‍රචාරක කළමනාකරු වූ කිං මාං ලැට් පොලිස් අත්අඩංගුවේදී මිය ගොස් තිබේ.