by Sagarika Chathumali 08-03-2021 | 12:34 PM
COLOMBO (News 1st) : භූමදානයට නියමිතව රඳවා ගෙන තිබූ කොරෝනා මළ සිරුරු 24ක් මේ දක්වා භූමදානය කර ඇතැයි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා පැවසුවේ, මඩකලපුව, ඔට්ටමාවඩි ප්‍රදේශයේදී අද දිනයේ ත් රඳවා ගෙන තිබූ මළ සිරුර 7ක් පමණ භූමදානය කිරීමට නියමිත බවයි.
ඊයේ (7) දිනයේ භූමදානය කර ඇති මළ සිරුරු සංඛ්‍යාව 4කි.
කොරෝනා මළ සිරුරු ප්‍රවාහනය සහ භූමදානය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදුකරනු ලබන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.