by Staff writer 08-03-2021 | 8:09 PM
COLOMBO (News 1st) : අනුරාධපුර නව ග්‍රීඩ් උපපොළේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් උතුරු පළාතේ විදුලි සැපයුම අද රාත්‍රී 7.00 සිට ඇනහිට තිබේ.
විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, ඊට අමතරව, වාලච්චේන, හබරණ, පොළොන්නරු සහ වව්නියාව ග්‍රිඩ් උපපොළවල්වලින් විදුලිය බෙදා හරින ප්‍රදේශ වල ද විදුලිය ඇනහිට ඇති බවයි.
මේ හේතුවෙන්, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ද විදුලිය ඇනහිට ඇති බව ඔහු පැවසුවේ ය.