ප්‍රමාදයකින් තොරව එන්නත් දෙන බව සීරම් ආයතනය කියයි

ඇනවුම් කළ COVID එන්නත් ප්‍රමාදයකින් තොරව දෙනවා - ඉන්දීය සීරම් ආයතනය

by Staff writer 08-03-2021 | 4:28 PM

COLOMBO (News 1st) : ඇනවුම් කරන ලද කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියනයක් කිසිදු ප්‍රමාදයකින් තොරව ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඉන්දියාවේ සීරම් ආයතනය දැනුම් දී තිබේ.

ඖෂධ නීතිගත සංස්ථාවෙන් නිවස්ෆස්ට් කළ විමසීමකදී ඒ බව තහවුරු කළේ ය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත කොවිෂීල්ඩ් යන වෙළෙඳ නාමය යටතේ නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ සීරම් ආයතනයයි. එම එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් පසුගිය මාසයේදී මෙරටට ආනයනය කෙරිණි. එක් එන්නත් මාත්‍රාවක් සඳහා අමෙරිකානු ඩොලර් 5 යි ශත 25 බැගින් මාත්‍රා මිලියන 1.5 ක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සීරම් ආයතනයට මුදල් ගෙවා ඇති අතර, මාත්‍රා මිලියනයක් ලැබීමට නියමිතව තිබුණේ අප්‍රේල් මාසයේදී හෝ මාර්තු මාසයේදී ය.