වැඩිම කොරෝනා ආසාදිතයින් ගම්පහින්..

ගෙවුණු දිනයේ මෙරට කෙරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න...

by Sagarika Chathumali 08-03-2021 | 10:34 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 359 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 22 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ය. ඉතිරි පුද්ගලයින් 337 දෙනා දේශීයව හඳුනාගත් අය වන අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 77ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 74 ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 ක් ලෙස වාර්තා වී තිබේ. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ ,දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. මේ වනවිට මෙරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදියින් සංඛ්‍යාව 85,695ක් වන අතර සුවය ලබා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 82,059කි. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 3134කි. ඊයේ මෙරටින් මරණ 5 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 500 ඉක්මවා ගියේ ය. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 502කි. එම මරණ වාර්තා වී ඇත්තේ, කන්නත්තොට, මාතර, පල්ලේකැලේ, නුගේගොඩ සහ බරවර්ධනඔය යන ප්‍රදේශවලිනි. අද දිනයේදී ත්‍රිවිද හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 100 ක් තුළ පුද්ගලයින් 9,899 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (07) දිනය තුළ මෙරටදි සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 9,575 කි.

කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ...

ගෙවුණු දිනයේ වාර්තා වූ කොරෝනා මරණ පිළිබඳ විස්තරය...