වල්සපුගල ගොවීන් යළිත් මාරාන්තික උපවාසයක

වල්සපුගල ගොවීන් යළිත් මාරාන්තික උපවාසයක

by Staff writer 07-03-2021 | 3:18 PM

COLOMBO (News 1st) - ගොවීන්ගේ ගොවි බිම් ආරක්ෂා කරමින් වන අලිනුත් ආරක්ෂාවන ආකාරයට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා වල්සපුගල ගොවීන් ගෙනයන සටනට අදට දින 50ක් සම්පූර්ණ විය.

අඛණ්ඩ සත්‍යග්‍රහයෙන් විසඳුම් නොලැබුණු තැන ගොවීන් අද(07) නැවතත් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. වල්සපුගල ගොවීන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ ඉකුත් ජනවාරි 18 වැනිදායි. වලව වම් ඉවුරේ ගොවි සංවිධාන 86 ක් මෙම සත්‍යග්‍රහයට සහය දෙන අතර, අද මාරාන්තික උපවාසය ඇරඹුවේ දෙවැනි වරටයි.