නව ජාතික පාසල් 626 ක්..

නව ජාතික පාසල් 626 ක්..

by Staff writer 07-03-2021 | 11:57 AM

COLOMBO (News 1st) – පාසල් 626 ක් ජාතික පාසල් ලෙස නම් කිරීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ලබන මාසය තුළ එම කටයුතු අවසන් කරන බවයි. ජාතික පාසල් 1000 ක් පිහිටුවීමේ රජයේ ජාතික වැඩපිළිවෙළ යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. මේ වනවිට මෙරට ඇති ජාතික පාසල් සංඛ්‍යාව 374 කි. අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම්වරයා සඳහන් කළේ, අලුතින් නම් කරන පාසල්වලට අවශ්‍ය ගොඩනැගිලි, උපකරණ ආදිය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර ඇති බවය.