තවත් කොරෝනා සිරුරු 04ක් භූමදානය කෙරේ

තවත් කොරෝනා සිරුරු 04ක් මඩකලපුවේදී භූමදානය කෙරේ

by Staff writer 07-03-2021 | 4:43 PM

COLOMBO (News 1st) - කොරොනා ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මෘත දේහ 04 ක් අද(07) දිනයේ මඩකලපුව, ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කිරීමට පියවර ගෙන තිබේ.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඊයේ (06) දිනය තුළ මළ සිරුරු 11 ක් භූමදානය කළ බවයි. පෙරේදා (05) දිනයේ මළ සිරුරු 09 ක් භූමදානය කෙරුණි. මළ සිරුරු යුද හමුදාව විසින්ම රැගෙන ගොස් යුද හමුදාව විසින්ම භූමදානය කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.