ගිනි අවි,කඩු සමග සැකකරුවෙකු STF දැලේ

ගිනි අවි 02 ක් හා කඩු 2 ක් සමග සැකකරුවෙකු STF දැලේ..

by Staff writer 07-03-2021 | 10:32 AM

COLOMBO (News 1st) – රත්ගම, මොන්රෝවියාවත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සහ කඩු 02 ක් සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, 32 හැවිරිදි සැකකරු රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි. සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.