කොවැක්ස් පහසුකම:පළමු එන්නත් තොගය එයි

කොවැක්ස් පහසුකම යටතේ පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට..

by Staff writer 07-03-2021 | 6:46 AM

COLOMBO (News 1st) – ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙන පළමු කොරෝනා එන්නත් තොගය රැගත් ගුවන් යානය අද(07) අලුයම දිවයිනට ළඟා විය.

කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුද්ර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, එන්නත් මාත්‍රා 264,000ක් කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබී ඇති බවයි. මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල එන්නත් කිරීම් අවසන් වූ පසු මහනුවර දිස්ත්‍රික්කයේ අවදානම් ජනතාවට කොරෝනා එන්නත් කිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.