by Staff writer 07-03-2021 | 1:07 PM
COLOMBO (News 1st) – කොවැක්ස් පහසුකම යටතේ ලද පළමු එන්නත් තොගය කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, කොළඹ හා ගම්පහ එන්නත්කරණය අවසන් වූ පසුව මහනුවර ජනතාව සඳහා එන්නත්කරණය ආරම්භ කරන බවයි.