ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට විශිෂ්ට ජයක්..

කොදෙව් ලෙජන්ඩ්ස් ඉදිරියේ ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල⁣ට විශිෂ්ට ජයක්

by Chathuranga Rajapaksha 07-03-2021 | 5:57 AM

COLOMBO (News 1st) –  Road Safety T20 තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 5 ක විශිෂ්ට ජයක් හිමි විය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තිලකරත්න දිල්ෂාන් විසින් මෙහෙයවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බ්‍රයන් ලාරා විසින් මෙහෙයවනු ලැබිණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමට සමත් විය බ්‍රයන් ලාරා ලකුණු 53ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. නායක දිල්ෂාන් ලකුණු 47ක් ලබා ගත්තේය. උපුල් තරංග නොදැවී ලකුණු 53ක් ලබා ගැනීමට සමත් විය. සනත් ජයසූරිය පන්දු 14කදී ලකුණු 12ක් ලබා ගත්තේය.