උතුරේ විහාරස්ථාන සංවර්ධනයට රු. මි. 35ක්

උතුරේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 35ක්

by Staff writer 07-03-2021 | 10:40 AM

COLOMBO (News 1st) – උතුරු පළාතේ විහාරස්ථාන සංවර්ධනයට රජය රුපියල් මිලියන 35ක් වෙන් කර තිබේ.

බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සඳහන් කළේ, මෙවර වෙසක් උත්සවයට සමගාමිව එම සංවර්ධන කටයුතු සිදු කරන බවයි. මේ යටතේ විහාරස්ථාන 35 ක සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිත ය. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන යාපනය, නාගදීප රජ මහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් පමණක්, අග්‍රාමත්‍යවරයාගේ උපදෙස් මත මිලියන 10ක් වෙන් කර ඇති බව ලේකම්වරයා පැවසුවේ ය. මීට අමතරව උතුරේ දහම් පාසල් සංවර්ධනය සඳහා ලක්ෂ 220 ක් වැය කරන බව ද මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.