ආගමේ නාමයෙන් සිදුවන අන්තවාදය හෙළා දකිනවා

ආගමේ නාමයෙන් සිදුවන අන්තවාදය හෙළා දකිනවා - පාප් වහන්සේ

by Staff writer 07-03-2021 | 10:22 PM

COLOMBO (News 1st) - ආගමේ නාමයෙන් සිදුවන අන්තවාදය හෙලා දකින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසයි.

සතුරුකම්, අන්තවාදය හා ප්‍රචණ්ඩත්වය ඕනෑම ආගමක් පාවාදීමක් බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තවදුරටත් පවසයි. ඉරාක සංචාරය අතරතුරදී ක්‍රිස්තියානි ප්‍රජාව හමුවෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇති අතර උන් වහන්සේ මේවනවිට උතුරු ඉරාකයේ ප්‍රදේශ කිහිපයකට පැමිණ සිටී. කලක් අයි.එස්. සටන්කාමීන්ගේ බලකොටු ලෙස පැවැති අදාළ ප්‍රදේශවලට යළිත් කිතුණුවන් පැමිණියේ 2017 වසරේදී අයි.එස්. සටන්කාමීන් ලද දරුණු පරාජයෙන් පසුවයි. එවන් අවදානම් පසුබිමක පවතින ඉරාකයේ උතුරු ප්‍රදේශයට පාප්වහන්සේ පැමිණීම විදෙස් මාධ්‍ය රැසක දැඩි අවදානයට සහ කතාබහට ලක්ව තිබේ. උතුරු දිග ඉරාකයේ ඉර්බිල් ප්‍රදේශයේදී අද විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වීමට නියමිතය.