ලබන 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ඉල්ලයි..

ලබන 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ඉල්ලයි..

ලබන 15 බස්නාහිර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ඉල්ලයි..

කර්තෘ Staff writer

07 Mar, 2021 | 6:59 am

COLOMBO (News 1st) – ලබන 15 වැනිදා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ඉල්ලා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, පාසල් විවෘත කිරීම සම්බන්ධ සාකච්ඡා මේ දිනවල සිදුකරන බවයි.

පාසල් විවෘත කිරීමේදී 05, 11 සහ 13 යන ශ්‍රේණි පළමුව ආරම්භ කර ඉන් පසුව අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]