ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 06-03-2021 | 6:30 AM

දේශීය පුවත්

1. රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක්: බදුල්ල, රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්නක් ඇති වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි. 2. ශ්‍රී ලාංකික නීතිඥ රනීතාට ජාත්‍යන්තර සම්මානයක්..: ශ්‍රී ලාංකික නීතිඥවරියක හා ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මහත්මිය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමන ජාත්‍යන්තර ධෛර්යමත් කාන්තා සම්මානයෙන් පිදුම් ලැබුවන් අතරට එක්ව තිබේ. 3. ඕට්ටමාවහිදී කොරෝනා මළ සිරුරු 2ක් භූමදාන කෙරේ: කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය ඊයේ පස්වරුවේ ආරම්භ කෙරිණි. 4. ''මව්බිමේ සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් ඇතුළු සන්නද්ධ සේවාවන්හි වගකීමයි” – ජනපති: ජාතියේ සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.