කොළොන්නාවේ ප්‍රදේශ කිහිපයකට පැය 20 ක ජල කප්පාදුවක්

කොළොන්නාවේ ප්‍රදේශ කිහිපයකට අද පැය 20 ක ජල කප්පාදුවක්

by Staff writer 06-03-2021 | 7:49 AM

COLOMBO (News 1st) - කොළොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද(06) උදෑසන 9.00 සිට පැය 20 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, කොළොන්නාව නගර සභා සීමාව, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත , රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවන බවයි. අඹතලේ සිට කොළොන්නාවට ජලය රැගෙන එන නළයක අලුත්වැඩියාවක් ඊට හේතු වී ඇත.