කොරෝනා එන්නත් මි. 18ක් ගැනීමට සැලසුම්

කොරෝනා එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට සැලසුම්

by Staff writer 06-03-2021 | 7:46 AM

COLOMBO (News 1st) - කොරෝනා එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, දැනටමටත් මිලියන 10 ක් ගැනීමට අදාළ අරමුදලක් සහතික කර ඇති බවය. මේ වනවිට කොරෝනා එන්නත් හය ලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයක් මෙරට පුද්ගලයින්ට ලබාදී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.