මම ෆේල් නෑ..

අපි පාස්කු ඉරිදා ප්‍රහාරය විකුණලා නෙමෙයි බලයට ආවේ - ජනපති

by Staff writer 06-03-2021 | 8:48 PM

COLOMBO (News 1st) - ''සමහර අය කියනවා මං ෆේල්ලූ. මම ෆේල් නෑ මම අවුරුදු 20ක් හමුදාවේ රට වෙනුවෙන් වැඩ කළා යුද්ධ කළා.ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම්වරයා හැටියට අවුරුදු 30ක් තිබිච්ච යුද්දේ අවසාන කළා. ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න. ඒ ගෞරව උපාධිය දැන් මේක බෝනස්. මේ ජනාධිපතිකමෙන් හම්බවෙන්නේ බෝනස් මාක්ස් ඒකේ මම පාස් වෙලා හුඟක් කල්. ගෞරව උපාධිත් එක්කම දැන් ඩබල් පී එච් ඩී එකට මේ වැඩ කරන්නේ. "

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කුරුණෑගල, ගිරිබාව,වේරගලදී අද(06) පැවැති ගම සමග පිළිසඳරක් වැඩසටහනේදීය. ගම සමග පිළිසඳරක් වැඩසටහනට සමගාමීව දැයට එළිය වැඩසටහන ද අදින් ආරම්භ විය.. මේ යටතේ සමෘද්ධිලාභීන්ට හා අඩු ආදායම්ලාභී පවුල් සදහා විදුලිය ලබා දීමට නියමිතය. අනතුරුව මාදුරාගම ක්‍රීඩාපිටියට පැමිණි ජනාධිපතිතුමා ජනතාව හමු විය. එහිදී ජනාධිපතිතුමා මෙලෙස සිය අදහහස් පළ කළේය. "මේ වාර්තාවක් දුන්නනේ ජනාධිපති කොමිසමක් පත් කරලා. මම දැක්කා සමහර දේශපාලන අය මේකෙන් ප්‍රයෝජන ගන්න හදනවා මේක අපේ පිටින් දාලා. හැබැයි මේ සිද්ධිය සිද්ධ වුණේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා.එතකොට අපි නෙමෙයි බලයේ හිටියේ.මම නෙමෙයි ජනාධිපති ඒ වගේම අපේ ආණ්ඩුවක් තිබුණේ නෑ. 2019 සැප්තැම්බර් විසි එක් වෙනි දින ජනාධිපති නියෝගයක් අනුව පත් කරපු කොමිෂන් සභාවක් ගිය ජනාධිපතිතුමා තමයි පත් කළේ.පැහැදිලිවම කොමිෂන් සභාව විවිධ අවස්ථාවන්වලදී කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක පැහැදිලිවම කියලා තියනවා.මෙම ඛේදවාචකයට ජනාධිපති සිරිසේන හා අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වගකිව යුතුයි. දැන් මේ රජයේම හිටපු අය දැන් ඇවිල්ලා කතා කරන්නේ රජයේ හිටියේ නෑ වගේ.ප්‍රධාන වශයෙන්ම මේ කාරණය දේශපාලන කාරණයක් කර ගන්නට හොද නෑ මේක ජාතික ප්‍රශ්නයක්.මම විශේෂයෙන්ම දන්නවා කාදිනල් හිමිපාණන්ට මේ පිළිබඳව වේදනායි. මොකද පල්ලිවලට කිහිපයකට පහර දුන් නිසා.ඒ නිසා උන්වහන්සේ ඒ ගැන කතා කිරීම සාදාරණයි.නමුත් මේ ඒ කාලේ හිටිය රජයේ ඇමතිවරු මේක ගැන ආපහු ඒ ගොල්ලො බලයට ආවොත් විවිද දේවල් කරනවා මම දැක්කා එක්කෙනෙක් කියනවා මරණිය දණ්ඩනය ලබා දෙනවා කියලා.රජයක් කොහොමද මරණීය දණ්ඩනය දෙන්නේ කියලා මට නම් තේරේන්නේ නෑ.අපි රජය අධිකරණයට බලපෑම් කරලා කාටවත් මරණීය දණ්ඩනය දෙන්න සූදානම් නෑ. දැන් අපි මේ අයට නඩු පවරනවා එතකොට උසාවියෙන් තමයි තෝරන්නේ රජයට කියන්න බෑ මෙයා එල්ලා මරන්න කියලා.ගියපාරනම් එහෙම වුණා එක දෙයක්.දැන් ඒක අපේ රජයෙන් කරන්නෑ හාමුදුරුවනේ.කොමිසමේ වාර්තාවෙන් පැහැදිලි වෙනවා ඒ යෙදූ ආරක්ෂක වැඩ පිළිවෙල දිගටම ගෙනගියේ නැති නිසා තමයි මෙවැනි තත්ත්වයක් ආවේ කියලා. ඒක පැහැදිලිවම කියලා තියනවා. 306 වෙනි පිටුවේ තියනවා මෙම සාක්ෂි දෙස බලන විට නැගී එන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සටන් කිරීම සදහා වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් වඩාත් ක්‍රියාශීලී කාර්ය භාර්යයක් ඉටු කිරීමට අසමත් වීමට හේතුව තේරුම් ගැනීමට පරීක්ෂණ කොමිෂන් සභාවට අපහසුය.ශ්‍රී ලංකාවේ අයි එස් ආධාරකරුවන් සිය ගණනක් සිටින බවත් , අයි එස් දකුණු ආසියාවේ ලැව් ගින්නක් මෙන් පැතිර යන බවත් ප්‍රගතිශීලී වීමට වඩා ක්‍රියාශීලී විය යුතු යැයි රජයෙන් ඉල්ලා සිටින අතර ජනවාර්ගික හා ආගමික වෛරය අවුලවාලීම වැලැක්වීම සදහා නීතිමය රාමුවක් නිර්මාණය කිරීම අවශ්‍ය අවධාරණය කෙරේ. අවාසනාවකට මෙන් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ ඇතුළු දවසේ රජය එසේ කිරීමට අසමත් විය.පැහැදිලිවම පසුගිය රජයේ වුණු දේ නිසා මේක වුනා කියන එක පැහැදිලිවම, සමහර අය හිටපු ජනාධිපතිතුමාට මේක පටවලා බේරෙන්න හදනවා.මේකේ පැහැදිලිවම කියවනවා..කියවෙනවා එදා එතුමාටත් ඒ රජයෙන් තමුන්නාන්සේලා දන්නවනේ 19 වෙනි සංශෝධනය ගෙනල්ලා එතුමාගේ බල තල අහක් කළා.හැබැයි දැන් ඒ අය නිශ්ෂබ්දව රජය නිශ්ෂබ්දව ඉන්නවා.ඉතින් මේක පුන පුනාම මේකෙන් කියවෙනවා ඒ පසුගිය ආණ්ඩුවේ අකාර්යක්ෂම තාවය.නමුත් අපේ රජය දමිල අන්තවාදී බෙදුම්වාදී ත්‍රස්තාවදයටවත් ඉස්ලාම් ආගමික අන්තවාදයටත් හිස ඔසවන්නට කිසිම අයුරකින් ඉඩ තියන්නේ නෑ.මේ වාර්තාව කියවීමේදී වගකිව යුතු කවුදැයි පැහැදිලිවම කියලා තියනවා.ඒ අයට දඩුවම් දෙන එක අපේ රජය පාලනය කරන නිසා ඒක අපේ වගකීමක්.ඒක අපි නිසි ආකාරව කරනවා.මමවත් මේ රජයවත් අපේ ආණ්ඩුව වත් පාස්කු ඉරිදා විකුණලා නෙමෙයි බලයට ආවේ.සමහර අය කියනවා පාස්කු ඉරිදා විකුණලා බලයට ආවා කියලා.පාස්කු ඉරිදා වික්කේ නෑ.මගේ මැතිවරණයේදී මම කිසි වෙලාවකවත් පාස්කු ඉරිදා වික්කේ නෑ.'' ජනපති කළ සම්පූර්ණ කතාවේ වීඩියෝව පහත දැක්වේ. https://youtu.be/EtF0P2morzU