
සෞඛ්‍ය සේවකයින්ගේ විශේෂ සේවා මුර ක්‍රමය තවදුරටත්
සෞඛ්‍ය සේවකයින්ගේ විශේෂ සේවා මුර ක්‍රමය තවදුරටත්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබාදී ඇති විශේෂ සේවා මුර ක්‍රමය අප්‍රේල් 30 වැනි දා දක්වා වලංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ්‍ය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නතේ දෙවන මාත්‍රාව 2021 අප්‍රේල් මාසය වනවිට එම කාර්ය මණ්ඩලයට ලබා දී අවසන් කිරීමට නියමිත බැවින් එම විශේෂ සේවා මුර ක්‍රමය අප්‍රේල් 30 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව, අප්‍රේල් 30 වැනි දා දක්වා සතියකට දින 02ක් විශේෂ නිවාඩු දිනයන් ලෙස සලකා මසකට දින 08කට නොවැඩි වන ලෙස සේවා මුර සකසා රෝහල් කටයුතු පවත්වා ගෙන යා යුතු වේ.
එම නිවාඩු ලබා ගන්නා දිනයන් රාජකාරි දිනයක් ලෙස සලකා කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
මේ අතර ලබන සඳුදා සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගේ අත්සන් ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් ඊයේ නිකුත් කෙරිණි.
මහජන සේවා නිසි පරිදි පවත්වාගෙන යමින් රට යථා තත්ත්වයට ගෙන ඒමට කාලය එළැඹ ඇති බැවින් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
- උත්සව සමයේ බන්ධනාගාරවලට මත්ද්‍රව්‍ය රැගෙන එමේ වැඩිවීමක් – බන්ධනාගාර දෙපාර්තමේන්තුව
- ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
- ලබන වසරේ සිට පාසල් දරුවන්ට වාර 3ට පෙළපොත් 3ක් ලබා දීමේ සැලසුමක්..
- දකුණු අප්‍රිකාවට එරෙහි පකිස්ථානයට වාර්තාගත 20යි 20 තරග ජයක්..
- අමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට කාලය එළැඹිලා – ජෝ බයිඩ්න්
- පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට
- හිරිවඩුන්න සහ කරවෙඩ්ඩි ප්‍රදේශවලින් කොරෝනා මරණ 2 ක්..
- බොහෝ ප්‍රදේශවලට අද සවස මහ වැසි.. – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- වියළි කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුවිය හැකියි – ජල සම්පාදන මණ්ඩලය
- ගම්බිම් බලා ගිය ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා