බදු රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනයට ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් කෝපා කමිටුව හමුවට

බදු රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනයට ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් කෝපා කමිටුව හමුවට

බදු රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනයට ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් කෝපා කමිටුව හමුවට

කර්තෘ Staff writer

06 Mar, 2021 | 1:50 pm

COLOMBO (News 1st) – බදු රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනය සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව හමුවට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේ, ඒ අනුව බදු සහ දඩමුදල් රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනය සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් මාර්තු 10 වන දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට කැඳවා ඇති බවය.

පසුගිය ජනවාරි 06 වැනි දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මගින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන අතර එලෙස බඳු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙසය.

ඒ අනුව බදු එකතු කිරීම සම්බන්ධව ආදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර හා සැලසුම් මෙහිදී කෝපා කමිටුවේ සාමාජිකයන්ගේ විමර්ශනයට ලක්වනු ඇති.

මීට අමතරව මාර්තු 09 වැනි දින ශ්‍රී ලංකා රේගුව කෝපා කමිටුවට කැඳවා ඇති අතර මාර්තු 23 වැනි දින කලා විෂයන් හැදෑරීමේ ප්‍රවණතාවය සහ කලා උපාධිධාරීන්ගේ විරැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]