ඇල්ල ගින්න නිවන්න ගුවන් හමුදා සහය

ඇල්ල රක්ෂිතයේ ගින්න නිවන්න හෙලිකොප්ටර් යානයක් යොදවයි

by Staff writer 06-03-2021 | 10:08 AM

COLOMBO (News 1st) - බදුල්ල, රාවනා ඇල්ල රක්ෂිතයේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ, ගින්න නිවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි. මේ අතර මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා වනජීවි නිලධාරීන්, පොලිසිය, යුද හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කර තිබේ.