
UPDATE: සාක්ෂි පසුපස හඹා යමින් කාන්තා මළ සිරුරේ හිස සෙවීම මෙහෙයුම අදත්..
UPDATE: සාක්ෂි පසුපස හඹා යමින් කාන්තා මළ සිරුරේ හිස සෙවීම මෙහෙයුම අදත්..
කර්තෘ Chathurika Jayasundara
COLOMBO (News 1st) – කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී සොයා ගත් කාන්තා මළ සිරුරේ හිස සෙවීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, වේල්ලවීදිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පොලිස් නාවුක කොට්ඨාසයේ නිලධාරින්ගේ සහය ඇතිව ඊයේ දිනයේ ද (05) කැලණි ගඟේ , මෝදර සිට අඹතලේ දක්වා විශේෂ මෙහෙයුමක් කළ බවයි.
ඝාතනය වූ මෙම කාන්තාව භාවිත කළ බෑගයක් අතුරුදහන්ව ඇති අතර , එම බෑගයෙහි ඇයගේ හිස දමා කැලණි ගඟට විසි කර ඇතැයි පොලීසිය සැක පල කරයි.
එවැනි අනුමානයක් සිදු කරනනේ, ඝාතනය සිදු වූ අදාළ ළැඟම්හල කැලණි ගඟ ආශ්‍රිතව පිහිටා ඇති බැවින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මෙම ඝාතනයේ සැකකාර මිය ගිය උපපොලිස් පරීක්ෂකවරයා ඉකුත් මාර්තු 01 වැනිදා සවස 04.10 ට පමණ කොළඹ පුද්ගලික බස් නැවතුම්පොළෙන් මොණරාගල බස් රථයකට ගොඩ වී යන අයුරු CCTV දර්ශනවල සටහන්ව තිබේ.
එහිදී මළ සිරුර සහිත ගමන් බෑගයක තිබූ අවස්ථාවේදී උප පොලිස් පරික්ෂකවරයා ඇද සිටි ටීෂර්ට් එක මාරු කර වෙනත් ටීෂර්ට් එකකින් මොණරාගල බස් රථයකට ගොඩ වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
එදින රාත්‍රියේ පැල්මඩුල්ලේදී රාත්‍රී ආහාරය සඳහා බස් රථය නවතා ඇති බවත්, රාත්‍රී 11. 30ට පමණ උප පොලිස් පරීක්ෂකවරයා බුත්තලින් බැස ගොස් ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.
සැකකරු දමා සිටි බෑගයේ කාන්තාවගේ හිස තිබී යම් ස්ථානයකදී විසි කර දැම්මා ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වේ.
මේ අතර, ඝාතනයට ලක්ව ඇති කාන්තාව නිශ්චිතව හඳුනා ගැනීම සඳහා ඇයගේ මව හා සොහොයුරාගේ DNA සාම්පල ද ලබාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සැසඳීමේ පරීක්ෂණයෙන් අනතුරුව මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවයි.
ඝාතනයට ලක් වූ තරුණිය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකි.
ඝාතනයට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා බඩල්කුඹුර 5 කණුව ප්‍රදේශයේ ඔහුගේ නිවස අසළ කැලෑබද ප්‍රදේශයකදී ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන තිබුණි.
- අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවෙන් මතුවෙයි
- ප්‍රකට ගී පද රචකයෙකු සහ චිත්‍රපට අධ්යක්ෂ තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වෙයි..
- විපක්ෂ නායක සජිත් හා ඩලස් නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව දන්වයි..
- පොල්ගහවෙළ පුද්ගල ඝාතනයක්..
- අලුත්වැඩියාව ප්‍රමාදයෙන් හා අමුද්‍රව්‍ය හිඟයෙන් රජයේ රෝහල්වල විකිරණ පරීක්ෂණවලට දැඩි බාධා
- අමෙරිකාව චීන-ශ්‍රී ලංකා සබඳතාවලට මැදිහත් නොවිය යුතුයි – චීන විදේශ අමාත්‍යාංශය
- පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද..
- දේශබන්දු කරූ ජයසූරියට දේශාභිමාන්‍ය සම්මානය පිරිනැමීම අද..
- කැලණිතිස්ස බලාගාරය අක්‍රීය කෙරේ..
- හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි