හෙට සිට පවතින වියළි කාලගුණයේ වෙනසක්..

හෙට සිට පවතින වියළි කාලගුණයේ වෙනසක්..

by Staff writer 05-03-2021 | 10:08 AM

COLOMBO (News 1st) – පවතින වියළි කාලගුණයේ වෙනසක් හෙට(06) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. අද දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්වල වැසි ඇති විය හැකි ය. මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්තවලට පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.