ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට පහසු ජයක්..

ශෙවාග් සහ තෙන්ඩුල්කාර්ගේ සුපිරි පිතිහරඹයෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් පිලට පහසු ජයක්..

by Chathuranga Rajapaksha 05-03-2021 | 9:57 PM

COLOMBO (Newsfirst) :Road Safety World Series තරගාවලි⁣යේ පළමු තරගයෙන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 10ක පහසු ජයක් අද හිමිවිය.

ඒ, බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 109ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 10යි පන්දු 1කදී කිසිවෙකු නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. සචින් තෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 33ක් ලබාගත් අතර විරේන්ද්‍ර ශෙවාග් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තේය. ටී.එම්. ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර තරගය හෙට පැවැත්වේ.