ශ්‍රී ලාංකික නීතිඥ රනීතාට ජාත්‍යන්තර සම්මානයක්..

ශ්‍රී ලාංකික නීතිඥ රනීතාට ජාත්‍යන්තර සම්මානයක්..

by Staff writer 05-03-2021 | 6:51 PM

COLOMBO (News 1st) :  ශ්‍රී ලාංකික නීතිඥවරියක හා ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මහත්මිය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමන ජාත්‍යන්තර ධෛර්යමත් කාන්තා සම්මානයෙන් පිදුම් ලැබුවන් අතරට එක්ව තිබේ.

සම්මාන ප්‍රධානෝත්සවය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබන 08 වැනිදා පැවැත්වීමට නියමිත ය. ලොව පුරා ධෛර්යමත් කාන්තාවන් ඇගයීමට පත් කිරීම සදහා මෙම සම්මාන උළෙල පැවැත්වෙයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ , රනීතා ඥාණරාජා මහත්මිය තර්ජන හා අභියෝග මධ්‍යයේ වුව ද රටේ ආන්තික හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම සටන් වදින හා ඔවුන් ආරක්ෂා කරන නීතිවේදිනියක් බවයි.