home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
''මව්බිමේ සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් ඇතුළු සන්නද්ධ සේවාවන්හි වගකීමයි'' - ජනපති
by Sagarika Chathumali
05-03-2021 | 4:41 PM
COLOMBO (News 1st) : ජාතියේ සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (5) පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පැවති ජනාධිපති වර්ණ ප්රදානෝත්සවය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, මව්බිමේ සාමය උදෙසා ජීවිත පුද කළ සහ කැපවීමෙන් ක්‍රියා කළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බවයි. මනුෂ්‍යත්වයේ අගය වටහාගත් අව්‍යාජ ජාත්‍යන්තර සහයෝගීතාව තුළින් දේශ සීමාවෙන් ඔබ්බට පැතිරෙන අභියෝගයනට සාර්ථකව මුහුණදිය හැකි බව ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. සංකීර්ණ ගෝලීය පරිසර අභියෝග ජය ගැනීමට මනාව සූදානම් වීමේ අවශ්‍යතාව ද එතුමා අවධාරණය කර තිබේ. ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වර්ණවත් කිරීමට පැමිණි විදේශීය ගුවන් හමුදා සාමාජිකයනට ප්‍රශංසාව පුද කළ ජනාධිපතිවරයා ජාතීන් අතර මිත්‍රශීලි සබැඳියාව එමගින් ප්‍රදර්ශනය වන බවත්, එම බැඳීම් අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් ශක්තිමත් කළයුතු බවත් සඳහන් කළේ ය. 'සුරකිමු ලකඹර' තේමා කර ගනිමින් දශක 7ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක - 5 ප්‍රහාරක ගුවන් බලඝණය සහ අංක - 6 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණයට ජනාධිපතිවරයා වර්ණ ප්රදානය කළේ ය. වර්ණ ප්‍රදානයෙන් අනතුරුව කටුනායක මූලික ගුවන් කඳවුරේ සී-130 කඳවුරේ අංක 02 සහ අංක 05 බලඝණ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව ඇත. ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ගුවන් නියමුවන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ ය. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපතිවරයාට සමරු තිළිණයක් පිළිගන්වා ඇති අතර "ගුවන් හමුදාවේ 70 වසරක ගුවන් බලය" තේමා කර ගනිමින් එයාර් කමාන්ඩර් කොමදෝරු චන්න දිසානායක විසින් රචිත ග්‍රන්ථය ද ජනාධිපතිවරයා වෙත එහිදී පිළිගන්වා තිබේ.
වෙනත් ලිපි
කොත්මලේ බස් අනතුරින් මියගිය ගණන 21 ක් දක්වා ඉහළට..
සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට...
කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට
කොළඹ වොක්ෂෝල් වීදියේ ගින්න නිවා දැමේ...
වැලිමඩ බස් රථ අනතුරින් පුද්ගලයෙකු මරුට...
රම්බොඩදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි...
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය