බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 5 ක්..

බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 5 ක්..

by Staff writer 05-03-2021 | 8:33 AM

COLOMBO (News 1st) – බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 5 ක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.

කොවිඩ් 19 ශ්‍රී ලංකා ක්ෂණික ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති සූදානම් කිරිමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ , හම්බන්තොට, කිලිනොච්චිය, අම්පාර, ඉරණවිල සහ මහනුවර ප්‍රදේශවල එම රෝහල් ඉදි කෙරෙන බවයි. ඊට අමතරව IDH රෝහලේ ද බෝවන රෝගීන් වෙනුවෙන් වෙන් වූ දුරස්ථ ඒකකයක් ස්ථාපිත කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.