බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්න නව කණ්ඩායමක්

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට රැඳවියන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායම්..

by Staff writer 05-03-2021 | 9:05 AM

COLOMBO (News 1st) – බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා රැඳවියන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායම් යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ති‌බේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ , ඒ සඳහා රැඳවියන් තෝරගෙන ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන බවයි. මේ යටතේ බන්ධනාගාරවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගැනීමට ද හැකියාව ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.