පැය 24 ක් තුළ රිය අනතුරුවලින් 15ක් මරුට..

පැය 24 ක් තුළ රිය අනතුරුවලින් 15ක් මරුට..

by Staff writer 05-03-2021 | 11:42 AM

COLOMBO (News 1st) –  ගත වු පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මියගිය පුද්ගලයින් 06 දෙනෙකු පදිකයින් බවයි. 05 දෙනෙකු යතුරුපැදි අනතුරුවලින් මියගොස් ඇති අතර , දෙදෙනෙකු ත්‍රීරෝද රථ අනතුරුවලින් මිය ගියේ ය. තවත් දෙදෙනෙකු පාපැදි සහ වෑන් රථ අනතුරුවලින් මියගොස් තිබේ. ගතවු පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් තුවාල ලබා ඇති සංඛ්‍යාව 40 කි.