ජනවාරි සිට විදෙස් සංචාරකයින් 3,400 ක් මෙරටට

ජනවාරි සිට මේ දක්වා විදෙස් සංචාරකයින් 3,400 ක් මෙරටට..

by Staff writer 05-03-2021 | 7:21 AM

COLOMBO (News 1st) – පසුගිය ජනවාරි 21 වැනිදා සිට මේ දක්වා විදේශීය සංචාරකයින් 3400 ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

සංවාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ , ඉදිරියේදී මෙරටට සංචාරකයින් පැමිණීමේදී අනුගමනය කරන සෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් ලිහිල් කරමින් සංචාරකයින් ගෙන්වා ගැනීම තවත් ප්‍රවර්ධනය කරන බවයි. ඒ අනුව, මැයි මාසයෙන් පසු දෛනිකව සංචාරකයින් 30, 000 ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.