by Staff writer 05-03-2021 | 4:19 PM
COLOMBO (News 1st) : චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණයක් සහ යුවාන් බිලියන 02 ක මුදල් හුවමාරු පහසුකමක් මෙරටට අනුමත කර තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක් තීරයක් එක් මාවතක් ශ්‍රී ලංකා වැඩ සටහන සඳහන් කළේ, ඉදිරි සති දෙක තුළ එම ණය පහසුකම හිමිවීමට නියමිත බවයි.
මේ යටතේ ඩොලර් මිලියන 500 ක ණයට අමතරව ඩොලර් මිලියන 600 ක පමණ විනිමය ණය පහසුකමක් මෙරටට හිමිවනු ඇති.