ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 05-03-2021 | 6:00 AM
දේශීය පුවත් 1. කාන්තා මළ සිරුරේ හිස සොයා කැලණි ගඟ පීරයි – කොළඹ වේල්ල වීදියෙන් ගමන් මල්ලක බහා තිබියදී සොයා ගත් කාන්තා මළ සිරුරේ හිස සොයා කැලණි ගඟ දෙපස පොලිසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 2.පාස්කු වාර්තාව ලබන 10 වැනිදා පාර්ලිමේන්තු විවාදයට – අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනපති කොමිසමේ වාර්තාව ලබන 10 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. 3. ජාතික පාසල්හි 2021 අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම අවසන් – දිවයිනේ ජාතික පාසල්වල 2021 වර්ෂය සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම පෙබරවාරි 28 දිනෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. 4. ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ගැන පැවති නිල නොවන සාකච්ඡාවක් ගැන අනාවරණයක් – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට දැඩි වචන ඇතුළත් විය යුතු බවට බටහිර යුරෝපය හා අනෙකුත් රටවල කණ්ඩායම පසුගියදා පැවති නිල නොවන සාකච්ඡාවකදී අවධාරණය කර ඇතැයි මාධ්‍ය අනාවරණය කරයි. 5. රුසියාවේ Sputnik V එන්නත මෙරට හදිසි භාවිතයට අවසර – ජාතික ඖෂධ නියාමන අධිකාරිය රුසියාවේ, Sputnik V එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබා දී තිබේ. විදෙස් පුවත් 1 . උතුරු දිග නවසීලන්තයට සුනාමි අනතුරු ඇඟවීමක් – උතුරු දිග නවසීලන්ත මුහුදේ මැග්නිටියුඩ් 7.2ක භූචලනයෙන් පසු එම කලාපය සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.