UPDATE: ඝාතනයට ලක් වූ තරුණිය සිටි ලැඟුම්හලෙන් හමු වූ සාක්ෂිය..

UPDATE: ඝාතනයට ලක් වූ තරුණිය සිටි ලැඟුම්හලෙන් හමු වූ සාක්ෂිය..

කර්තෘ Hashini De Mel

04 Mar, 2021 | 9:42 am

COLOMBO (News 1st) – කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී සොයා ගත් කාන්තා මළ සිරුරේ හිස සෙවීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , මිය ගිය තරුණියගේ සිරුර හඳුනා ගැනීම සඳහා ඇයගේ මවගෙන් සහ ළඟම ඥාතීන්ගෙන් සාම්පල රැගෙන DNA පරීක්ෂණය සිදු කරන බවයි.

ඔවුන් ලැඟුම් ගෙන සිටි හංවැල්ල නවාතැන්පොළේ කාමරයෙන් ලේ සලකුණු කිහිපයක් වැඩිදුර පරීක්ෂණවලදී සොයාගෙන තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම ඝාතනයේ සැකකාර මිය ගිය උපපොලිස් පරික්ෂකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින මොණරාගල, සිරිගල රෝහලේ සිදු කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

මීට අමතරව මිය ගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණයත් DNA පරීක්ෂණයෙන් පසුව සිදු කිරීමට නියමිතය.

ඝාතනයට ලක් වූ තරුණිය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

ඝාතනයට සම්බන්ධ උපපොලිස් පරීක්ෂකවරයා බඩල්කුඹුර 5 කණුව ප්‍රදේශයේ නිවස අසළ කැලෑබද ප්‍රදේශයකදී ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන තිබුණි.

ඊයේ (03) උදෑසන පොලීසිය කළ සෝදිසි කිරීම්වලදී ඔහුගේ සිරුර හමු විය.

ඝාතනයට ලක් වූ තරුණිය සහ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා නවාතැන් ගෙන සිටි ලැඟුම්හලේ හිමිකාරිය ඊයේ(04) සිදු කළ අනාවරණය මෙන්න..

ඝාතනයට ලක් වූ තරුණිය සිටි ලැඟුම්හලේ හිමිකාරිනිය කළ හෙළිදරව්ව මෙන්න..

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]